Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SRI LANKA COAST GUARD LIFESAVERS RESCUE JAPANESE AND RUSSIAN TOURISTS AT MIRISSA BEACH

Lifesavers of the Sri Lanka Coast Guard (SLCG) successfully rescued a 25-year-old Japanese female tourist and a 34-year-old Russian male tourist from drowning at Mirissa Beach on 12 November 2026.

Following a timely response after the tourists were swept into distress by strong sea currents, Coast Guard personnel safely brought both individuals ashore and provided basic first aid.

Both tourists are reported to be in safe condition.

The Sri Lanka Coast Guard remains committed to ensuring the safety of beachgoers and visitors to Sri Lanka's coastal areas.


මිරිස්ස මුහුදු තීරයේදී ජපන් සහ රුසියානු ජාතික සංචාරකයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් බේරා ගැනීමට වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂකයින් සමත් වෙයි

2026 නොවැම්බර් මස 12 වන දින මිරිස්ස මුහුදු තීරයේදී දියේ ගිලීමේ අවදානමට ලක්වූ ජපන් ජාතික කාන්තා සංචාරකයෙකු සහ රුසියානු ජාතික පිරිමි සංචාරකයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂකයින් සමත් විය.

මුහුදේ පැවති ප්‍රබල දියවැල් හේතුවෙන් මෙම සංචාරකයින් දෙදෙනා දියේ ගිලීමේ අවදානමට ලක්ව ඇති අතර, ඒ පිළිබඳව අවධානය යොමු කළ වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂකයින් කඩිනමින් ක්‍රියාත්මක වී ඔවුන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී. අනතුරුව ඔවුන්ට මූලික ප්‍රථමාධාර ලබා දීමට ද කටයුතු කර ඇත.

මෙලෙස බේරාගත් ජපන් ජාතික සංචාරක කාන්තාව 25 හැවිරිදි වියේ පසුවන අතර, රුසියානු ජාතික සංචාරක පිරිමි පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවේ. ඔවුන් දෙදෙනාම මේ වන විට සුරක්ෂිත තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

මෙවැනි හදිසි අවස්ථාවන්හිදී වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂකයින්ගේ කඩිනම් මැදිහත්වීම තුළින් වෙරළ තීරයන්හි සංචාරකයින්ගේ සහ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අඛණ්ඩව කැපවී සිටියි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff