Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

Sri Lanka Coast Guard Arrests Suspect Attempting to Retrieve 16 Illegally Harvested Lobsters at Kirinda

The Sri Lanka Coast Guard arrested a person while attempting to bring ashore 16 illegally harvested lobsters concealed in shallow waters off Atulla Beach, Kirinda, on 18 November 2026.

The operation was conducted at approximately 1700 hrs by personnel attached to the Sri Lanka Coast Guard Station Kirinda, in coordination with officers from the Kirinda Fisheries Inspector's Office, following information received by the Coast Guard.

Preliminary investigations revealed that some individuals who engage in conch shell harvesting, but do not possess the required licences for lobster harvesting, resort to concealing lobsters caught at sea in submerged nets in shallow waters. They subsequently arrange for other individuals to retrieve the concealed catch and bring it ashore separately, thereby avoiding detection during routine inspections of returning fishing boats by Coast Guard personnel.

Although lobster harvesting is permitted during the current season, a valid licence is mandatory. This practice of concealing lobster catches and arranging their separate retrieval has been identified as a recurring illegal activity among certain fishermen in the Kirinda area.

The Sri Lanka Coast Guard remains vigilant in preventing such illegal fishing activities, conducting intelligence-led operations and regular coastal inspections based on reliable information to detect and prevent violations of fisheries regulations.

The arrested individual and the 16 lobsters were subsequently handed over to the Kirinda Fisheries Inspector's Office for further investigations and legal proceedings.


නීතිවිරෝධී ලෙස අල්ලා සඟවා තිබූ පොකිරිස්සන් 16 දෙනෙකු සමඟ පුද්ගලයෙකු කිරින්ද වෙරළේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ නිලධාරීන් විසින් කිරින්ද, ඇටුල්ල වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලා සඟවා තිබූ පොකිරිස්සන් 16 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු 2026 නොවැම්බර් 18 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

එදින පස්වරු 05.00 ට පමණ ලද තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුම සඳහා කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ නිලධාරීන් සමඟ කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොකිරිස්සන් ඇල්ලීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමැති ඇතැම් පුද්ගලයන් විසින් මුහුදේදී අල්ලා ගන්නා පොකිරිස්සන් වෙරළට රැගෙන ඒම වෙනුවට නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දැල් තුළ සඟවා තබා, පසුව වෙනත් පුද්ගලයන් යොදවා රහසිගතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන බවයි. ධීවර යාත්‍රා වෙරළට පැමිණීමේදී වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන පරීක්ෂා කිරීම්වලදී එවැනි නීතිවිරෝධීව අල්ලාගත් ධීවර අස්වැන්න හඳුනාගැනීමෙන් වැළකීම මෙම ක්‍රමවේදයේ අරමුණ වී ඇත.

පොකිරිස්සන් ඇල්ලීම සඳහා අවසර ලබාදී ඇති මෙම කාලසීමාව තුළ වුවද ඒ සඳහා වලංගු බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වන අතර, මෙවැනි අයුරින් පොකිරිස්සන් සඟවා තබා වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒම කිරින්ද ප්‍රදේශයේ ඇතැම් ධීවරයන් අතර දක්නට ලැබෙන නීතිවිරෝධී ක්‍රියාවක් බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන අතර, නිවරැදි තොරතුරු මත පදනම් වූ මෙවැනි මෙහෙයුම් සහ නිරන්තර වෙරළබඩ පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරනු ලබයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පොකිරිස්සන් 16 දෙනා වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff